Wednesday, October 21, 2015

එන්න....යමු අපි දහම් පාසැල්......


උදෑසන සුදු වතින් සැරසිලා ......වතුසුද්ද මල් පිරුණ මාවතේ.......
වට්ටියක් පුරෝගෙන නෙක පාට පාට මල්....බුදු පුදට බැති සිතින් සැරසිලා.....


නිම් නොමැති සෙනෙහසින් දෙගුරු පා යුග නැමද...තුනුරුවන් සරණ ලැබ සැන හිලා....


එන්න මගේ පුතේ....සුදු දුවේ අපි....දහම් පාසල් යන්න එක්වෙලා.......


ගිරි කසුප් මහ රජුන්....දියණිවු....බෝධි  කුමරි.....උප්පලවන්නා....
වදින්නට ආ වෙහෙරබෝ උපුල් කසුබ්ගිරි 

අපි වදිමු....දූ පුතුණි...

මා කසුබ් සේ හැගෙයි...

බෝ උපුල් මා දියණි......
ඔබම නොවෙදැයි හැගුණි........




Monday, October 19, 2015

සිංහලබෞද්ධයිනි ,අවදිවව් ,මේඅහපල්ලා...

 මහ ජාතිය පිරිහෙන්නේ ඒ ජාතියේම දුර්වලකම නිසා, ජාතියක් භේද භින්න උනොත් ප්‍රයෝජනය ගන්නේ අනෙක් සුළු ජාතීන්. එතකොට සුළු ජාතීන් තව තවත් ශක්තිමත් වෙනවා.ශක්තිමත් වෙනවා  විතරක් නෙමෙයි මහා ජාතියේ ඔළුවට අතහෝදන්නත් එනවා අපේ සිංහලයට වෙලා තියෙන්නෙත් ඒක. උඹලා වංශෙ කබල් ගාපල්ලා, අරූ ගොවිගමයා, අරූ දුරාවෙ, අරූ කරාවෙ කිය කියා හතර පැත්තට බෙදිලා,උඩරට පහතරට කියා දෙපැත්තට බෙදිලා, දේශපාලකයන් බදාගෙන පක්ෂ වලට බෙදිලා, උඹලගේ හාමුදුරුගොල්ලොත් කරන්නෙ ඔය ටිකමයි, නිකාය වලට බෙදිලා බණ එක එකාගෙ භුක්තියට ලියාගෙන.
උඩරැටියෝ පහතරටට දීග තුලා දෙන්නේ නෑ, උන් පහතයෝ කියලා. ගොයිගමයෝ දුරාවන්ට දීග තුලා දෙන්නේ නෑ, වංශෙ අඩුවෙයි කියලා. වලව්ව බදාගෙන එකම ජාතියෙ මිනිස්සු අත පල්ලෙන් වැටුනු ගානට ඉුල් බත් ඇට ගානට ගණන් අරගෙන හිටපල්ලා උඹලට වරදිනකල් උඹලම දන්නේ නෑ. උඹලගේ වතුපිටිවල කහඹිලියා වවාපල්ලා, එක කොස් පැලයක් වී ඇටයක් හිටවන්නේ නැතුව සුද්දන්ගෙ පාන් පිටි ටික එනකම් මුහුදට කටබලිය පල්ලා. උන් උඹලට බජිරි දීලා උඹලගේ සම්පත් ටික හූරගෙන උන්ගෙ රටට ගෙනියන එක උඹලට පෙන්නේ නෑ, ගෙදර එළ වැස්සිගේ කිරි ටික විකුණලා දෙමලගෙ තූත්තුකුඩියෙන් එන කරවල කෑල්ල කාපල්ලා, දයාවතීලා ඩල්සිලා වෙලා පියදාසලා පීටර්ලා වෙලා, බලාපල්ලා මරක්කලයො දිහා, උන් එක අනුන්ගෙ නමක් අරන් තියනවද? බලාපල්ලා දෙමලු දිහා උන් අරගෙන තියනවද උඹලගෙ නමක්, ඔබලා මස් කෑල්ලට ආගම වෙනස් කරලා සැප වින්න හීන බලාපල්ලා, ජාතියක් ජන්මයක් නැති එවුන් ගානට  වැටිලා සුද්දට, දෙමලට, හම්බයට බැලකම්කරන නිවටයන් ගානට වැටෙන දවස වැඩි ඈතක නෑ........
කෝ උඹලගේ තිබිච්ච ප්‍රෞඩ ඉතිහාසය, කෝ උඹලගේ සංස්කෘතිය, කෝ උඹලගේ මනුස්සකම ඒ සේරම මස් කෑල්ලට විකුණලා නේද? බඩගෝස්තරයට උඹලගෙ ශ්‍රේෂඨ ඉතිහාසය විකුණලා නේද? වැඩි කලක් යන්න ඉස්සල්ලා දෙමලු කියයි යාපනය උන්ට අයිතියි කියලා. මරක්කලයො කියයි මඩකලපුව උන්ට අයිතියි කියලා. ඊට පස්සේ කියාවි මේක මරක්කල දෙමළ රට කියලා, පැනපල්ලා මූදට ඊටපස්සේ......
අනෙක් ජාතීන්ට දොස් කියන්න එපා, උඹලගේ ජාතියෙ දුර්වලකම් ගැන සොයා බලලා දැන්වත් කල්පනාවෙන් වැඩ කරපල්ලා, දැන් සුද්දා උඹලට නිදහස දෙන්න යන්නේඋඹලට ආදරේකින් නොවෙයි, උන් හිතන්නේ ලංකාව උන්ගෙ තේ වත්ත කියලා, උන්ගෙ අන්තපුරය කියලා. තේ වත්ත වටේට සුද්දන්ගේ පැටව් බෝවෙන කොට උඹලට හරි ආඩමිබරයි පාට සුද හින්දා. මරක්කලයට බැලකම් කරන නිවට ජාතියක් ගානට වැටෙනවා ඒකාන්තයි, භේද භින්නකම, කුලමළ, පක්ෂ භේද, බල තන්හාව දැන්ම අයින් කරගත්තෙ නැතිනම් උඹලා ජාතියක් හැටියට අන්ත පරිහානියට වැටෙන දවස වැඩි ඈතක නොවන බව මතක තියා ගනිල්ලා.....

                                                                    අනගාරික ධර්මපාල තුමා වර්ෂ 1926 දී

Friday, October 16, 2015

දහම් දිවයින යලි පුබුදු කරනු වස්..........

මේ දහම් දිවයින බුදු පා පහසින් සිසිල්ව අනුබුදු හිමි උවදෙසින් යලි නැගී 2500 වසරක් ගතව බිඳින් බිද දහමින් ඈත් වන ජන මන සුවපත් කරන්නට දරන වෑයම සිරි සුමංගල දහම් පාසල ලෙසින් එලි දැක්වෙනවා.

සොඳුරු සීගිරියේ අතීත උරුමයන් සමඟ
දහම එකතුකල සුපසන් කථිකාවකට මේ අඩවියෙන් අප සමඟ එකවන්නට ඇරයුම් කරනවා .